Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපේක්ෂකයින්ට වසර හතක දේශපාලන තහනමක් පැනවිය යුතුයි – රත්නජීවන් හූල්

රත්නජීවන් හූල්

රත්නජීවන් හූල්

කිසිදු දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු මැතිවරණ නීති රීති වලට ගරු නොකරන බව ප්‍රකාශ කල මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා, එලෙස මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන අපේක්ෂකයින් අධිකරණයක් මගින් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට පනවන දඩුවම් වලට අමතරව වසර හතක දේශපාලන තහනමක්ද ලබා දිය යුතු බවත් කියා සිටියේය.

මැතිවරණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා බදුල්ල මැතිවරණ කාර්යාලයට ගිය අවස්ථාවේදී හූල් මහතා මේ බව කියා සිටියේය.

බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික හතුරුසිංහ බදුල්ල දිස්ත්‍රික්කය තුළ මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කෙරෙන බව පවසා ඇතත් එම ප්‍රදේශයේ තරඟ කරන අපේක්ෂකයින් කිසිවෙකු මැතිවරණ නීතිරීති අනුගමනය කර මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කර නොමැති බව දොස් නගා ඇත .

-තමිළ්මිරර්

Exit mobile version