Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සජිත් ප්‍රේමදාස මහතා විෂය බාර ඇමැති ලෙස කටයුතු කල කාල සීමාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 1,100 ක වංචාවක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා කමිටුවක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා කමිටුවක්

සජිත් ප්‍රේමදාස මහතා විෂය බාර ඇමැති ලෙස කටයුතු කල කාල සීමාවේ (2016 සිට 2019 දක්වා කාලය තුළ) මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1,100 ක පමණ (රුපියල් මිලියන 11,059) මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

පිටු 142 කින් සමන්විත එම කමිටු වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අරලිය ගහ මන්දිරයේදී පෙරේදා (28) බාර දෙනු ලැබීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉකුත් 2016 සිට 2019 දක්වා කාලය තුළ සිදුවූ අක්‍රමිකතා සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණි සරත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් මීට මාස කිහිපයකට ඉහතදී පත්කරනු ලැබීය.හිටපු අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වූහ.

නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු ආපසු ගැනීම හා තැන්පතු පොලී ආදායම අහිමිවීමෙන් රුපියල් කෝටි 260 ක් පමණ ද (රුපියල් මිලියන 2,608) බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා තනතුරු සඳහා බඳවා ගැනීම වැටුප් හා දීමනා ලෙස ගෙවීමෙන් රුපියල් කෝටි 306 ක් පමණ ද රුපියල් මිලියන 3,060 විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික හා ආගමික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදීමෙන් රුපියල් කෝටි 231 ක් පමණද (රුපියල් මිලියන 2316 ) ක් ආවභාවිත වී ඇතැයි ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සඳහන් කර ඇත. 2016 සිට 2019 දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ විෂයභාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාය.

මෙම තත්ත්වය තුළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බැවින් සාමාජික අත්සන් තහවුරු කර ගැනීම සඳහා බවට කමිටුව නිර්දේශ කර ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කමිටු වාර්තාව අගමැතිවරයාට බාරදීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් , අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න සහ ගනේෂ් ධර්මවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.

Exit mobile version