Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු ජනාධිපති චන්ද්‍රිකා රටේ ආර්ථිකය ගැන සිතා තමන් භාවිතා කළ වාහන රජයට බාර දෙයි

විශ්‍රාමික ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය

විශ්‍රාමික ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය

විශ්‍රාමික ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසින් විසින් ඇයට ලබා දී තිබෙන නිල වාහන 4 ක් , නැවත රජයට භාර දී තිබේ.මෙසේ නැවත රජයට භාර දී තිබෙන වාහන අතරට මර්සිඩීස් බෙන්ස් එස් -600 රථයක් ද අයත් ය.ජනාධිපති ලේකම්, පී.බී. ජයසුන්දර වෙත යොමු කර තිබෙන ලිපියක් මගින් වාහන යළි රජයට භාරදීම සිදුකර තිබේ.

මේ මොහොතේ රට මුහුණ පා සිටින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමන් මේ තීරණය ගත් බව හිටපු ජනාධිපතිනිය පවසයි.

හිටපු ජනාධිපතිනිය පෙන්වා දුන්නේ ඇයට නිල වාහන 12 ක් ලබාදී තිබු බවයි. ඇයගේ පුද්ගලික හා නිල භාවිතය සඳහා වාහන 09 ක් ද, ආරක්ෂක අංශයට වාහන 03 ක් ද පවරා තිබු බවයි.

ආපසු භාරදුන් වාහන අතර නිසාන් පැට්‍රෝල් ජීප් රථයක්, මහේන්ද්‍ර ඩබල් කැබ් රථයක් සහ ටොයොටා ලෑන්ඩ් කෘසර් ජීප් රථයක් ද වේ. ඉදිරියේදී තවත් වාහන 08 ක් නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදෙන බවයි හිටපු ජනාධිපතිවරිය සඳහන් කළේ.

Exit mobile version