Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය ප්‍රවේශපත්‍ර කොන්තරාත්තුව චීනෙට, IT ප්‍රධානීන්ගේ අප්‍රසාදය…

දුම්රිය ප්‍රවේශපත්‍ර කොන්තරාත්තුව චීනෙට, තොරතුරු හා සන්නිවේදන ප්‍රධානීන්ගේ අප්‍රසාදය...

දුම්රිය ප්‍රවේශපත්‍ර කොන්තරාත්තුව චීනෙට, තොරතුරු හා සන්නිවේදන ප්‍රධානීන්ගේ අප්‍රසාදය...

චීන සමාගමකට ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල ස්මාර්ට් කාර්ඩ් පද්ධතියක් ස්ථාපනය කිරීමේ කොන්තරාත්තුව ලබා දී ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සංජීව වීරරත්න මහතා අදාළ කොන්තරාත්තුව විදෙස් රටකට ලබා දීම සම්බන්ධයෙන් ඔහුගේ විරෝධය පළ කර තිබේ.

දුම්රිය ප්‍රවේශපත්‍ර කොන්තරාත්තුව චීනෙට, තොරතුරු හා සන්නිවේදන ආයතනයේ හිටපු ප්‍රධානියා විරෝධය පායි.

ඔහු මේ පිළිබඳව තව දුරටත් ප්‍රකාශ කර සිටියේ,

තමා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටිය දී අදාළ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාව කරළියට ආ බවත්, එහිදී එම කොන්තරාත්තුව චීන සමාගමකට ලබා දෙනවාට වඩා දේශීය ආයතනයක් හා එක්ව ඵලදායී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකි බව පැවසූ බවත් ය.

ඔහු පවසන්නේ, දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට හඳුන්වා දීමට නියමිත ස්මාර්ට් කාර්ඩ් ව්‍යාපෘතිය, යල් පැන ගිය තාක්ෂණයකට අයිති එකක් බවයි.

කෙසේ නමුත්, අදාළ ව්‍යාපෘතිය 2023 වන විට අවසන් කළ යුතුව තිබේ.

👇මේ සම්බන්ධයෙන් බුකියේ පලවූ සටහන් කීපයක් පහළ

Exit mobile version