Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියළු රාජ්‍ය සේවකයන්ට අනතුරු ඇඟවීමක්!

සියළු රාජ්‍ය සේවකයන්ට අනතුරු ඇඟවීමක්!

සියළු රාජ්‍ය සේවකයන්ට අනතුරු ඇඟවීමක්!

මොනයම් හෝ වෘත්තීය සමිතියකට සම්බන්ධ වී සිටින රාජ්‍ය සේවකයන් මැතිවරණ සමයේ රාජ්‍ය වැඩසටහන්වලට සහභාගී නොවිය යුතු යැයි අනතුරු අඟවා ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක් මඟින් මේ බව දැනුම් දී ඇත.

දේශපාලන අයිතිවාසිකම් හිමි හෝ අහිමි කිසිඳු රජයේ සේවකයෙකුට අදහස් දැක්වීම්, සමූහ සාකච්ඡා, සමූහ රැස්වීම් වැනි දේවල් ට සහභාගී විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.

බොහෝ ප්‍රදේශවල රාජ්‍ය සේවකයන් ඡන්ද අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රචාරක වැඩසටහන් සංවිධානය කර දීම හා එම කාර්යයන් හි නිරත වීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බව ද මැතිවරණ කොමිෂන් සභාව හෙළිදරව් කළේය.
-tamilwin-

Exit mobile version