Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී ඇති මාර්ගෝපදේශ…

නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී ඇති මාර්ගෝපදේශ...

නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී ඇති මාර්ගෝපදේශ...

නිරෝධායන මධ්‍යස්ථානවල හෝ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයින්ට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ ඔවුන්ගේ ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව නොලෙබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දී තිබේ.

මේ තත්ත්වය මත, නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බව ඔහු තව දුරටත් පැවසීය.

මේ කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව, නීතිමය තත්ත්වය පිළිබඳව සොයා බලන බව ද ඔහු ප්‍රකාශ කළේය.මෙම වැඩ පිළිවෙල පිළිබඳව මැතිවරණ සහකාර කොමසාරිස්වරුන් හා තේරීම් භාර නිළධාරීවරුන් සමඟ සාකච්ඡා කළ බවත් සභාපතිවරයා පැවසී ය.

Exit mobile version