Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රම්සි රාසික්ව කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය

රම්සි රාසික්ව කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි - ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ආයාචනා කරයි

රම්සි රාසික්ව කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි - ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ආයාචනා කරයි

සමාජ මාධ්‍ය ලේඛකයෙකු වූ රම්සි රාසික් වෙත නිකුත් කර ඇති සියළුම චෝදනා ඉවත් කර, කොන්දේසි විරහිතව වහාම ඔහුව නිදහස් කළ යුතුයි යනුවෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කර ඇත.

අදහස් දැක්වීමේ අයිතිය මුල් කොට ගෙන තම අදහස් ප්‍රකාශ කළ ලේඛකයින් බිය ගැන්වීමටත්, යටත් කිරීමටත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීම වහාම නතර කරන ලෙස දැඩි ලෙස පෙන්වා දෙයි.

විශ්‍රාමික රජයේ සේවකයෙකු හා සමාජ මාධ්‍ය ලේඛකයෙකු වූ රම්සි රාසික් ඔහුගේ මුහුණු පොතේ ප්‍රකාශ කළ අදහසකට, ඔහුව පසුගිය අප්‍රේල් 9 වන දින පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශනයෙන් තොරව ඔහුව රඳවා ගෙන සිටියි. ඔහුට නීත්‍යානුකූලව නීතිඥයෙකුගේ සහාය ලැබීමටත්, ඥාතීන් සමඟ කතා කිරීමටත් ඇති අයිතිය පවා අහිමි කර ඇති බව පෙන්වා දී ඇති ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, නොයෙකුත් රෝගාබාධවලින් පීඩා විඳින ඔහුව සෞඛ්‍යාරක්ෂිත සිර මැදිරියක රඳවා නොතැබීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන්ගේ කනස්සල්ල පළ කර ඇති බව ද පෙන්වා දෙයි.

රම්සි රාසික්ට ස්වාධීනව තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කරමින් රඳවා තබා ගෙන සිටීම මෙන්ම ඔහු වෙත ගොනු කර ඇති සියළුම චෝදනාවලින් ඔහුව වහාම කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවත් ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

එපමණක් නොව, රම්සි රාසික්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න හට සන්දේශයක් යොමු කරන ලෙස මහ ජනතාව වෙත ඉල්ලීමක් කර ඇත. ඒ සඳහා ජාත්‍යන්තර ක්ෂමා ආයතනය නිකුත් කර ඇති කරුණු උපයෝගී කර ගන්නා ලෙසත් පෙන්වා දී ඇත.

තව ද ඔහුගේ මුහුණු පොතේ සඳහන් කළ කරුණක් සම්බන්ධයෙන් බිය ගැන්වීම, මරණ තර්ජන කිරීම වැනි කරුණු පිළිබඳව ඔහු විද්‍යුත් තැපෑල මඟින් ඔබ වෙත යොමු කර ඇති බවත්, නමුත් ඔහුගේ එම පැමිණිල්ල සම්බන්ධව විමර්ශනය කිරීම වෙනුවට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති නීතිය හා සයිබර් අපරාධ නීතිය ද යටතේ පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ඇති බව නීතිඥවරයෙකු පවසා ඇත.

සාමකාමීව තම අදහස් ප්‍රකාශ කරන පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන, ඔවුන්ව රඳවා තබා ගැනීමට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යොදා ගැනීම මුළුමනින්ම ජාත්‍යන්තර මානව හිමිකම් කඩ කරන ක්‍රියාවක් වේ. එයින් ශ්‍රී ලංකා රාජ්‍ය පිළිගන්වා ඇති මානව හිමිකම් ද කඩ වේ.

වර්තමානයේ පැතිරෙන කොවිඩ් – 19 කොරෝනා වෛරසය රාසික්ගේ ජීවිතයට ද බලපෑමක් ඇති කළ හැක. මෙම වෛරසය ජාත්‍යන්තර වසංගතයක් බවට පත් වී ඇති මොහොතක, සිර කඳවුරු තුළ කොරෝනා වෛරසය අධික ලෙස බලපෑම් කරන බව හඳුනා ගෙන ඇත. මෙවැනි වාතාවරණයක දී රම්සි රාසික් වෙත යොමු කර ඇති සියළු චෝදනා ඉවත ලා, කිසිඳු කොන්දේසියකි තොරව ඔහුව නිදහස් කළ යුතුයි. ඔහුව නිදහස් කරන තෙක් නියමානුකූල සෞඛ්‍ය නියෝගයන් පිළිගැන්විය යුතුයි.

තවද ඔහුගේ ඥාතීන් හා නීතිඥවරයා සමඟ සම්බන්ධතා පැවැත්වීමට ද අනුමැතිය ලබා දිය යුතුයි. එපමණක් නොව, සාමකාමීව තම අදහස් ප්‍රකාශ කරන ලේඛකයින්ව බිය ගැන්වීමට හා අඩන්තේට්ටම් කිරීමට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත උපයෝගී කර ගැනීම අත් හිටුවිය යුතු බව ප්‍රකාශ කර ඇත.
-virakesari-

Exit mobile version