Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ පදවියට නව කතෝලික රදගුරු තුමෙක් – වතිකානුව නිවේදනය කරයි!

ඇන්ටන් රංජිත් පියතුමන්

ඇන්ටන් රංජිත් පියතුමන්

ශ්‍රී ලංකා කතෝලික සභාවේ අගරදගුරු පදවිය ලෙස සැලකෙන, කොළඹ අගරදගුරු පදවියට නව සහයක රදගුරු තුමෙකු පත්කළ බව වතිකානුව විසින් ඊයේ (07/13) නිල වශයෙන් නිවේදනය කළේය.

ඇන්ටන් රංජිත් පියතුමන්

මෙලෙස අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් රදගුරු වරයට උසස් කර ඇත්තේ, කොළඹ ශාන්ත ජෝසප් සහ ශාන්ත පීතර විදුහල්වල නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇති වර්තමානයේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අධ්‍යක්ෂක ලෙස සේවය කළ ගරු ඇන්ටන් රංජිත් පියතුමන්වය.

1966 සැප්තැම්බර් යාපනයේදී උපත ලද උන්වහන්සේ, යාපනය සහ නුවර ජාතික දෙව්සත්හල් වලින් දර්ශන වාදය සහ දේවධර්මය හදාරා ඇති අතර යාපනය සහ එංගලන්තයේ Middlesex (UK) විශ්වවිද්‍යාල වලින් ගණිතය, අධ්‍යාපනය, දර්ශනවාදය යන විෂය ක්ෂේත්‍රයන් වලට ශාස්ත්‍රපති උපාධි ලැබූවෙකි.
-theleader-

Exit mobile version