Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

COVID-19 පර්යේෂණ සඳහා තම රුධිර ප්ලාස්මා ලබාදෙන මෙන් , දකුණු කොරියාවේ ආගමික නිකාය විසින් තම සාමාජිකයින් හට පවසයි

දකුණු කොරියාවේ

දකුණු කොරියාවේ

සෝල් (රොයිටර් පුවත් සේවය) – දකුණු කොරියාවේ විශාලතම පැතිරීමේ කේන්ද්‍රය වූ ආගමික කණ්ඩායමකින් සොයාගත් COVID-19 වැලදී සුව වූ රෝගීන් 4,000 ක් පමණ පර්යේෂණ සඳහා  ප්ලාස්මා පරිත්‍යාග කරන බව එහි නිලධාරි යෙකු විසින් අඟහරුවාදා දින ප්‍රකාශ කරන ලදී. මෙම අගහරුවාදා දිනට පෙර දින එරට බලධාරීන් විසින් එම ආගමික සභාවට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇත.

පෙබරවාරි සහ මාර්තු මාසවලදී, සින්චොන්ජී යේසු සභාවේ  සාමාජිකයන් අතර සිදුවූ දැවැන්ත ලෙස වෛරස පැතිර යාම, දකුණු කොරියාව, චීනයෙන් පිටත පළමු විශාලතම පැතිරයාමේ සිද්ධිය බවට පත් කළේය.

කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට (KCDC) අනුව, රටේ රෝගීන් 12,484 න් අවම වශයෙන් 5,213 ක් මෙම සභාව මාර්ගයෙන් පැතිර යාමට සම්බන්ධ වී ඇත.

සින්චොන්ජී මාධ්‍ය ප්‍රධානී කිම් යොං-යුන් පසුගිය අගහරුවාදා රොයිටර් පුවත් සේවයට පැවසූ ලෙස එම සභාවේ නිර්මාතෘ වන ලී මාන්-හී විසින් සුවය ලද සාමාජිකයින් හට ඔවුන්ගේ ප්ලාස්මා පරිත්‍යාග කරන ලෙස අභ්‍යන්තරව උපදෙස් දී ඇති අතර එය වෛරසය පිළිබඳ පර්යේෂණ සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත.

සුවය ලැබූ සභාවේ සාමාජිකයින් බොහෝ දෙනෙකු විසින් එරට රජයට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට තමන්ගේ ස්තූතිය ප්‍රකාශ කිරීමක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදු කිරීමට අවශ්‍ය වූ බව ඇය පැවසුවාය.

සභාවේ ආසාදන බොහොමයක් කේන්ද්‍රගත වූ තේගු නගරය විසින්, සඳුදා සභාවට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කරමින්, වොන් බිලියන 100 ක (ඩොලර් මිලියන 82.75) වන්දියක් ඉල්ලා සිටියේය.

සාමාජිකයින්ගේ සහ දේපළවල සම්පූර්ණ ලැයිස්තුවක් ඉදිරිපත් නොකිරීම සහ නගර සෞඛ්‍ය කටයුතුවලට සහයෝගය නොදැක්වීම යන චෝදනා යටතේ තේගු බලධාරීන් මීට පෙර මෙම සභාවට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

 

සින්චොන්ජීය පවසන්නේ ඔවුන් රජයේ උත්සාහයන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බවයි.

සඳුදා දින සිට මේ දක්වා පුද්ගලයින් 185 දෙනෙකු විසින් ප්ලාස්මා පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී ඇති බවත්, වැඩිදුර පරිත්‍යාග කිරීම් සඳහා සින්චොන්ජිය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් එරට ජාතික සෞඛ්‍ය ආයතනය පවසයි.

මරණ අනුපාතය අඩු කිරීමට හා විශේෂයෙන් අසාධ්‍ය රෝගීන් හට උපකාරයක් වීමට ඇතැම් විටෙක ප්ලාස්මා ප්‍රතිකාරය මගින් හැකි බවට දකුණු කොරියාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් පවසා ඇත.

අවම වශයෙන් දකුණු කොරියානුවන් 17 දෙනෙකුට මෙම පරීක්ෂණාත්මක ප්‍රතිකාරය ලබා දී ඇති අතර, සුව වූ රෝගීන්ගේ ප්ලාස්මා භාවිතා කර වෛරසයට ප්‍රතිදේහ ලබා දීමෙන් ශරීරයට රෝගයෙන් ආරක්ෂා වීමට හැකි බව පෙන්වා දෙයි.

මේ වන විට COVID-19 හේතුවෙන් දකුණු කොරියාවේ මරණ 281 ක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන අන්දමට රුසියානු ධීවර යාත්‍රාවක සිට බුසාන් වෙත පැමිණ ගොඩබසින ලද කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සමග සබදතා වූ 176 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් 16 දෙනෙකුට වෛරස ආසාදනය වී ඇති බවත්ය.

 

($ 1 =වොන් 1,208.4500 )

-වාර්තාකරණය; සංග්මි චා,  ලේඛනගත කිරීම; ජෝශ් ස්මිත්, සංස්කරණය; විලියම් මැක්ලීන්-
– English/Image :රොයිටර් පුවත් සේවය | sinhala :Wasantha Siriwardana-

Exit mobile version