Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බගවන්තලාවේ රාහුල හිමියන් ඉස්ලාමීය විද්වතුන්ගේ මූලස්ථානයට වැඩම කරයි..

ශ්‍රී ලංකාවේ විවිධ වැඩසටහන්වල නිරත වන බගවන්තලාවේ රාහුල හිමිපාණෝ සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංවිධාන මූලස්ථානය වෙත වැඩම කළහ. එහිදී එතුමාණෝ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් සමඟ සහයෝගය හා සහජීවනය වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය ජූනි 30 වන අඟහරුවාදා දින ජමියතුල් උලමාවරුන් සමඟ පැවැත්විය.

මාළිගාවත්ත ඉස්ලාමීය විද්වතුන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත් වූ එම සාකච්ඡාවට එහි නායක අෂ්ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති, භාණ්ඩාගාරික කලීල් මවුලවි ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී අල් කුර්ආනයෙහි සිංහල පරිවර්තනයක් උන් වහන්සේ වෙත පිරිනමන ලදී. රාහුල හිමියන් ශ්‍රී ලංකා සමාජය තුළ මුස්ලිම්වරුන්ට එරෙහිව ද්වේශ සහගතව ඉදිරිපත් වන ජාතිවාදී අදහස්වලට එරෙහිව සටන් වදින බව සඳහන් කළහ.

එහිදී මෑතක දී එතුමාණන් විසින් ෆේස්බුක් සජීවි සාකච්ඡාවක දී කියූ පරිදි කාත්තාන්කුඩි වීදිවල භික්ෂූන් 100ක් සමඟ පින්ඩපාතයේ වැඩීමටත් , එම පින්ඩ පාත්‍රයන් එහි ජනයාගේ සෙනෙහසින් පිරේවි යැයි අපේක්ෂා කරන බව පැවසී ය.

Exit mobile version