Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ කනස්සල්ල!…

ගැටුමේදී බරපතල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ව චෝදනා ලැබූ නිලධාරීන් හට උසස් වීම් පිරිනැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත අප්‍රසාදය හා කනස්සල්ල එක්සත් ජාතීන්ගේ මානව සංවිධානය පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මාන හිමිකම් කවුන්සිලයේ 44වන සැසියේදී කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝව සහ එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළේය.

එක්සත් රාජධානියේ මානව හිමිකම් මහ කොමසාරිස් රීටා ෆ්‍රාන්ස් විසින් මෙම වාර්තාව නිකුත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවේ අරමුණු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැප වී සිටින බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර මහ කොමසාරිස් රීටා ෆ්‍රාන්ස් මහත්මිය පැවසුවේ, පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ බවත්, අනෙක් රටවල්වලට සාපේක්ෂව රෝගීන් සංඛ්‍යාව පාලනය කර ඇති බවත් ය.

ඒ අතරම, මානව හිමිකම් කොමසාරිස් පවසා ඇති අන්දමට කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සාම්ප්‍රදායික නීති රීතිවලට පටහැනිව ක්‍රියා කරමින් ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය නොකිරීමට වග බලා ගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටියා ය.

සුළුතර කණ්ඩායම් ඉලක්ක කර නොසලකා හැරීම, අධිකරණයෙන් වැරදිකරු වූ සාජන් සුනිල් රත්නායක මහතාට පොදු සමාව දීම, ගැටුම්වලදී බරපතල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිලධාරීන්ට උසස් වීම් ලබා දීම, රාජ්‍ය පරිපාලන කටයුතු හා සිවිල් ආයතන සඳහා හමුදා නිලධාරීන් පත් කිරීම වැනි කරුණු අරඹයා ඇයගේ කනස්සල්ල ප්‍රකාශ කර සිටියා ය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය ආරක්ෂා කරමින්, විනිවිද භාවයෙන් යුක්තව වගවීමෙන් වග බලා ගන්නා ලෙසත් ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියා ය.

අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාදාමයක් අනුගමනය කරන ලෙසත්, ඔවුන් ජාත්‍යන්තර සම්මුතීන් හා ගෝලීය අයිතිවාසිකම්වලට අනුකූල වන බව සහතික වන ලෙසත් ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.
-jvpnews-

Exit mobile version