Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගන්න නියෝග

ඉරාන හමුදා ජනරාල්වරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමට නියෝග කරමින් ඉරානය වරෙන්තු නිකුත් කර ඇතැයි අල්ජසීරා අඩවිය වාර්තා කරයි.

බැග්ඩෑඩ්හිදී ඉරාන හමුදාවේ ජනරාල් කසෙම් සොලෙයිමන් ඝාතනයට ලක් කරමින් එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරය සිදු කළැයි විශ්වාස කරන තවත් පුද්ගලයන් කිහිප දෙනකු ද අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට ඉරානය ජාත්‍යන්තර පොලිසියෙන් (ඉන්ටපෝල්) උදව් ඉල්ලා තිබේ.

ජනවාරි 3 වැනිදා එල්ල වූ එම ප්‍රහාරයට සම්බන්ධ බවට ඉරානය විසින් චෝදනා කරනු ලබන ට්‍රම්ප් ඇතුළු 30 දෙනෙකුට වැඩි පිරිසක් “මිනීමැරුම් හා ත්‍රස්තවාදී චෝදනාවලට” මුහුණ දිය යුතු බව ටෙහෙරාන් නීතිඥ අලි අල්කාසිමෙහර් ඊයේ(29) ප්‍රකාශ කළේය.

ට්‍රම්ප්ගේ ජනාධිපති ධුර කාලය අවසන් වූ පසුවත් දිගටම නඩු පැවරීම් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ඉරානය අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය මෙතෙක් අදහස් දැක්වා නැත.

ට්‍රම්ප් ඇතුළු පුද්ගලයන්ට “රතු වරෙන්තු” නිකුත් කරන ලෙස ද ඉරානය ඉල්ලා සිටි බව අල්කාසිමෙහර් සඳහන් කළේය.ඉන්ටර්පෝල් විසින් නිකුත් කරනු ලබන ඉහළම මට්ටමේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු රතු වරෙන්තුය.

ඉන්ටපෝල් ආයතනය සමග සම්බන්ධ විවිධ රටවල නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මෙවන් ඉල්ලීම් කරන රටවල් වෙනුවෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබයි.

වරෙන්තු මගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කිරීමට රටවලට බල කළ නොහැකි නමුත් එම සැකකරුවන්ගේ ගමන් සීමා කිරීමට මෙමගින් හැකිය.

මෙවන් ඉල්ලීමක් ලැබීමෙන් පසු ඉන්ටර්පෝල් කමිටුව රැස්වී එහි සාමාජික රටවල් සමඟ අදාළ වරෙන්තු තොරතුරු බෙදා ගත යුතුද නැද්ද යන්න සාකච්ඡා කරයි.

ඉන්⁣ටපෝල් වරෙන්තු සඳහා වන මාර්ගෝපදේශ අනුව “දේශපාලන මැදිහත්වීමක් හෝ ක්‍රියාවක් කිරීම” තහනම් නිසා ඉරාන⁣යේ මෙම වරෙන්තු ඉන්ටපෝල් ආයතනය බාරගනිද යන්න ගැටළුවකි.

බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපල අසල දී ඇමෙරිකාව විසින් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ කුඩ්ස් බලකාය අධීක්ෂණය කළ ජනරාල් සොලෙයිමනී සහ තවත් අය පරිසක් ඝාතනය කරනු ලැබීය.

මෙම ඝාතනය සිදුවූයේ දෙරට අතර ගැටළුකාරී තත්ත්වය උත්සන්න වූ මාස ගණනක සිදුවීම්වලින් පසුවය.

අදාළ ප්‍රහාරයෙන් පසු ඉරානය විසින් ඉරාකයේ ඇමරිකානු හමුදා ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලැබීය.

-අල්ජසීරා| newslk –

Exit mobile version