2035 වසර වනවිට ලොව වැඩිම ජනගහනයක් සහිත ආගම බවට ඉස්ලාම් ආගම පත්විය හැකි බවට පළවන ජනගහන පුරෝකථනයක් සම්බන්ධයෙන් හිටපු ධවල මන්දිර මාධ්‍ය ලේකම් කරොලයින් ලෙවිට් අදහස් පළ කර තිබෙනවා.
ඇය අමෙරිකානු ක්‍රිස්තියානි ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විවාහ වී වැඩි දරුවන් බිහි කරමින්, ඔවුන් ක්‍රිස්තියානි ආගමික පසුබිමක් තුළ ඇති දැඩි කරන ලෙසයි.
Pew Research Center විසින් නිකුත් කළ පුරෝකථනයකට අනුව, 2035 වනවිට ලොව මුස්ලිම් ජනගහනය බිලියන 2.57ක් දක්වා ඉහළ යනු ඇති අතර, ක්‍රිස්තියානි ජනගහනය බිලියන 2.52ක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
2020 වසරේදී ලොව ක්‍රිස්තියානි ජනගහනය බිලියන 2.27ක් ලෙසත්, මුස්ලිම් ජනගහනය බිලියන 2.02ක් ලෙසත් ඇස්තමේන්තු කර තිබුණා.
මෙම වෙනසට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙන්නේ ආගමික ජන කණ්ඩායම් අතර පවතින උපත් අනුපාතයේ වෙනසයි. 2020 සිට 2025 දක්වා කාලය තුළ මුස්ලිම් කාන්තාවකගේ සාමාන්‍ය දරු උපත් සංඛ්‍යාව 3.1ක් වන අතර, ක්‍රිස්තියානි කාන්තාවන් සඳහා එම අගය 2.5ක් බවයි Pew පර්යේෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, මෙම ජනගහන වර්ධනය එක් ආගමකින් තවත් ආගමකට ජනතාව මාරුවීම නිසා සිදුවන වෙනසකට වඩා උපත් සහ මරණ අනුපාතය මත පදනම් වන බව ද එම වාර්තාවේ සඳහන්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Pew ආයතනයේ ජ්‍යෙෂ්ඨ ජනගහන විද්‍යාඥ කොන්රාඩ් හැකට් සඳහන් කර ඇත්තේ මෙම වෙනසට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දරු උපත් බවයි.
මූලාශ්‍රය – Times of India

