මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු වූ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුව පවසයි.
2026 නොවැම්බර් 15 වන දින වන විට මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 2,414 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බව එම කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මහතා ප්‍රකාශ කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍ය තුෂාර මහතා මෙසේ පැවසීය:
”මෙම වසරේ ආරම්භයේ සිට 2026 නොවැම්බර් 15 වන දින දක්වා මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව ආසන්න වශයෙන් 2,414 දක්වා ළඟා වී තිබෙනවා. මෙය ඉතා බරපතළ සංඛ්‍යාවක් වන අතර, එය මසකට මරණ 230කට පමණ සමාන වෙනවා.”
වසරේ ඉතිරි මාස එකහමාරක කාලය තුළ තවත් මරණ 350කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවට අනතුරු ඇඟවූ ඒ මහතා, මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා සාමූහික ප්රයත්නයක අවශ්‍යතාවය අවධාරණය කළේය.
”මේ දක්වා වාර්තා වී ඇති මරණ අතරින්, 1,000 ඉක්මවා ඇති යතුරුපැදි ආශ්රිත මරණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. එමෙන්ම, පදිකයින් 800කට වැඩි පිරිසකට මාර්ග අනතුරුවලින් ජීවිත අහිමි වී තිබෙනවා. මෙම කාණ්ඩ දෙක පමණක් මුළු මරණ සංඛ්‍යාවෙන් 2,000කට ආසන්න ප්‍රමාණයකට හේතු වී තිබෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ වසරේ මේ දක්වා මාර්ග අනතුරුවලින් 2,414 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

