පරිසර සංරක්ෂණය, පාරිසරික අධ්‍යාපනය සහ තිරසර සංවර්ධන ක්‍රියාවලිය සඳහා මෙරට තරුණ ප්‍රජාවගේ අර්ථවත් සහභාගිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
2025 දෙසැම්බර් මාසයේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හත්වන සැසිවාරයේදී, ‘පාරිසරික ක්‍රියාවලින් සහ පාරිසරික අධ්‍යාපනය තුළ තරුණයින්ගේ අර්ථවත් සහභාගිත්වය වැඩි දියුණු කිරීම’ පිළිබඳව ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ අතර ඒ අනුව, පාර්ශ්ව රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ද එම යෝජනාව බලාත්මක කිරීමට බැඳී සිටිනවා.
මෙම අරමුණු බිම් මට්ටම දක්වා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ස්ථාපිත කර ඇති යෞවන සමාජ,
දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් පිහිටුවා ඇති යෞවන සමාජ සම්මේලනය,ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය වැනි ව්‍යුහයන් සහ ආයතන ඍජුවම යොදා ගැනීමට නියමිතයි.
ඒ අනුව එකී යාන්ත්‍රණ භාවිත කරමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව පරිසර ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික පාරිසරික වැඩසටහන් දියත් කිරීමටත් එම වැඩසටහන් සහ පරිසර ක්‍රියාකාරකම් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමටත් එකී ජාතික වැඩසටහන් නිසි පරිදි ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වීම සහතික කිරීම පිණිස ජාතික පරිසර මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා සහ පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබෙනවා

