Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​මිලිමීටර් 129ක මහ වැස්සෙන් කොළඹ යටවෙයි: ගංවතුර පාලනයට නගරාධිපතිනියගෙන් හදිසි රැස්වීමක්!

සිකුරාදා සවස ඇදහැලුණු අධික වර්ෂාපතනයෙන් පසුව කොළඹ නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වයට වහාම විසඳුම් සෙවීම සඳහා කොළඹ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් (Vraie Cally Balthazaar) මහත්මිය සහ ප්‍රධාන රාජ්‍ය ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.
​කොළඹ නගරයේ කාණු පද්ධති වැඩිදියුණු කිරීම සහ ඇළ මාර්ග ජාලයට හා මාර්ග යටිතල පහසුකම්වලට අදාළ ගැටලු විසඳීම කෙරෙහි මෙම හමුවේදී අවධානය යොමු කෙරේ.
​කොළඹ කාණු පද්ධතිය සකස් කර ඇත්තේ මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි බවත්, සිකුරාදා පැය කිහිපයක් ඇතුළත නගරයට මිලිමීටර් 129ක වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් මෙලෙස දැවැන්ත ගංවතුර තත්ත්වයක් සහ බාධා කිරීම් ඇතිවූ බවත් නගරාධිපතිනිය මීට පෙර ප්‍රකාශ කළාය.

Exit mobile version