පෞද්ගලික ආයතනයක සේවය කළ 30 හැවිරිදි සේවකයෙකු රුපියල් මිලියන 59.6කට අධික මූල්ය වංචාවක් සිදුකිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියට අනුව, අදාළ ආයතනයේ පරිගණක දත්ත සමුදායට ව්යාජ තොරතුරු ඇතුළත් කර බැංකු ගිණුම් ඔස්සේ රුපියල් 59,656,496.84ක මුදලක් වංචනික ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
අපරාධකාරී ලෙස සපයා ගැනීම සහ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව CID හි මූල්ය විමර්ශන ඒකකය (4) මගින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
සිදු කරන ලද මූල්ය වංචාව සම්බන්ධයෙන් කටුනායක ඒකකයේ CID නිලධාරීන් කණ්ඩායමක් විසින් සිකුරාදා (30) උදෑසන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මාළිගාවත්ත ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය හඳුනාගෙන ඇත.
සිදුවූ මූල්ය වංචාවට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පරිගණක දත්ත වෙනස් කර රුපියල් මිලියන 59ක මුදලක් වංචා කළ 30 හැවිරිදි තරුණයා CID අත්අඩංගුවට!

