ශ්රී ලංකාවේ ප්රදේශ කිහිපයකට දැඩි අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවමින් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්රික්ක තුනක් සඳහා දැඩි අකුණු පිළිබඳ රතු නිවේදන සහ දිස්ත්රික්ක 22ක් සඳහා ඇම්බර් (Amber) නිවේදන නිකුත් කර ඇත.
අද (29) පූර්වාහ්න 11.30ට නිකුත් කරන ලද නිවේදනයට අනුව, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්රික්ක සඳහා මෙම රතු නිවේදන බලපැවැත්වෙන අතර, ඌව පළාතේ දිස්ත්රික්ක ඇතුළුව ඉතිරි දිස්ත්රික්ක 22 සඳහා ඇම්බර් නිවේදන නිකුත් කර තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ගෘහස්ථව රැඳී සිටින ලෙසත්, ගස් යට සිටීමෙන් වළකින ලෙසත්, කුඹුරු, තේ වතු සහ එළිමහන් ජලාශ වැනි විවෘත ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් මහජනතාවට උපදෙස් දී ඇත.
එසේම, රැහැන් සහිත දුරකථන, විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ සහ බයිසිකල්, ට්රැක්ටර් හා බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කඩාවැටුණු ගස් සහ විදුලි රැහැන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී ප්රදේශයේ ආපදා කළමනාකරණ බලධාරීන් සම්බන්ධ කරගන්නා ලෙසත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (29) රාත්රී 11.30 දක්වා බලපැවැත්වේ.
දිස්ත්රික්ක 3කට අකුණු පිළිබඳ රතු නිවේදන: 22කට ඇම්බර් අවධානම්!

