’Condé Nast Traveller Readers’ මගින් ප්රකාශයට පත් කරන ලද 2026 වසරේ නවතම සමීක්ෂණයට අනුව ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරය ලෙස ශ්රී ලංකාවේ ආරුගම්බේ (Arugam Bay) නම් කර ඇත.
එම සමීක්ෂණයට අනුව, ආරුගම්බේ මෙම ලැයිස්තුවේ ප්රමුඛස්ථානය හිමිකරගෙන ඇති අතර, ලෝකයේ වඩාත්ම ප්රසිද්ධ රළ සර්ෆින් (surfing) ගමනාන්තයක් ලෙස එහි ඇති කීර්තිය මෙම ආකර්ෂණය සඳහා බලපෑ ප්රධාන සාධකයක් ලෙස පෙන්වා දී තිබේ.
ශ්රී ලංකාවේ තවත් වෙරළ තීරයන් තුනක් ද මෙම සමීක්ෂණයේදී ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් 20 අතරට ඇතුළත් වී ඇත.
ඒ අනුව, බෙන්තොට වෙරළ තීරය 9 වන ස්ථානය හිමිකරගෙන ඇති අතර, තංගල්ල වෙරළ තීරය 14 වන ස්ථානයටත්, මීගමුව වෙරළ තීරය 19 වන ස්ථානයටත් තේරී පත්වී තිබේ.
ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරය ලෙස ආරුගම්බේ ප්රමුඛස්ථානයට!

