Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​පොල්ගහවෙල – පේරාදෙණිය අතර පාසල් ළමුන්ට අද සිට නව දුම්රිය සේවාවක්!

​පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් ගන්නා පාසල් ළමුන් සහ අනෙකුත් මගීන්ගේ ගමන් පහසුව සඳහා අද (12) සිට නව දුම්රිය සේවාවක් හඳුන්වා දී ඇත.
​’දිට්වා’ (Ditwah) චණ්ඩ මාරුතය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණීමෙන් පසුව, ඔක්තෝබර් 2 වන දින රඹුක්කන සහ ගම්පොළ අතර නැවත දුම්රිය ධාවනය ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම නව දුම්රිය සේවාව හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එම කොටසෙහි දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවේ.
​ඒ අනුව, පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් ළමුන් ඇතුළු මගීන්ට පහසුකම් සැලසීම සඳහා අද සිට දිනපතා මෙම නව දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
​

Exit mobile version