2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනතින් හඳුන්වා දෙන ලද විධිවිධානවලට අනුකූලව, නිශ්චිත කාර්යයන් කිහිපයක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN (Taxpayer Identification Number) අංකය ඉදිරිපත් කිරීම 2026 සැප්තැම්බර් මස 01 වැනි දින සිට අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේ වලංගු TIN අංකයක් ඉදිරිපත් කළ යුතු අනිවාර්ය කාර්යයන් මෙසේය:
1.බැංකු හෝ මුල්ය ආයතනයක ජංගම ගිණුමක් විවෘත කිරීම
2.ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම
3.මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම
4.ඉඩමක් හෝ ඉඩම් කැබැල්ලක් ලියාපදිංචි කිරීම
ව්යාපාරයක් ලියාපදිංචි කිරීම
5.ශ්රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, පැවැරීම්ලාභියෙකු සහ පැවැරීම්කරුවෙකු විසින් සිදුකරන විට
6.ණය කාඩ්පතක් ලබා ගැනීම
ඉහත සඳහන් කාර්යයන්හි නිරත වීමට අදාළ කරගනු ලබන සියලු දෙනා විසින් තමන් සතුව වලංගු TIN අංකයක් තිබෙන බව තහවුරු කරගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති නම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ e-සේවා ඔස්සේ (https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader) අන්තර්ජාලය හරහා නව TIN අංකයක් ලබාගැනීමට පහසුකම් සපයා ඇත.
එමෙන්ම, ඉහත දැක්වූ කාර්යයන් ක්රියාත්මක කිරීමට හෝ සම්පූර්ණ කිරීමට පෙර අදාළ තැනැත්තන් විසින් ඉදිරිපත් කර තිබෙන TIN අංකය වලංගු එකක් බව අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු වේ. සැබවින්ම තමන් සතුව දැනටමත් තිබෙන TIN අංකය නිවැරදිදැයි තහවුරු කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ e-සේවා (https://eservices.ird.gov.lk/Registration/Verifyirdinformation/index) වෙබ් අඩවිය භාවිතා කළ හැක.
තහවුරු කිරීම සාර්ථකව සිදු වූ පසු, TIN අංකය නිකුත් කළ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) සහ TIN අංකය පැහැදිලිව දැක්වෙන මුද්රිත පිටපත ද මෙම කාර්යයන් සඳහා නිල තහවුරු කිරීමක් ලෙස පිළිගනු ලබයි.

