Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍ය සොයා ගන්න පාසලට එන පොලිස් බල්ලෝ

මත්ද්‍රව්‍ය සොයා පාසල් පරීක්ෂාවට පොලිස් නිල සුනඛයන් යෙදවීමට තීරණයක්

කොළඹ පාසල් තුළ මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම් හඳුනා ගැනීම සඳහා පුහුණු පොලිස් නිල සුනඛයන් යෙදවීමටත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමටත් කටයුතු සූදානම් කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.

පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍ය මර්දනය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමිනි. එහිදී ඔහු අවධාරණය කළ ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ:

පාසල් දරුවන් ආරක්ෂා කිරීම: පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උදුරෙන් ගලවා ගැනීම සඳහා මවුපියන් සහ ගුරුවරුන් තම දරුවන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව පොලිස්පතිවරයා පවසයි.

මත්ද්‍රව්‍යවලට සම්බන්ධ නිලධාරීන්ට දැඩි තීරණ: අපරාධ, මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන් තරාතිරම නොබලා සේවයෙන් පහ කිරීමට පියවර ගන්නා බවත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ එවැනි නිලධාරීන්ට රැඳී සිටිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

බන්ධනාගාරගත අපරාධකරුවන්ගේ මෙහෙයවීම්: සංවිධානාත්මක අපරාධකරුවන් බන්ධනාගාරගතව සිටිමින් පිටත අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති අතර, බුද්ධි අංශ ලබාදෙන තොරතුරු මත පදනම්ව එම අපරාධ ජාල හඳුනාගෙන විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද පැවසීය.

‘රටම එකට’ ව්‍යාපෘතිය: මත්ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම අවම කිරීම සහ සැපයුම පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ‘රටම එකට’ ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන කමිටු පහක් පිහිටුවා ඇති අතර, එමගින් සහායක සේවා අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කෙරේ.

Exit mobile version