ඉන්දුනීසියාවේ ප්‍රදේශ කිහිපයක දැවැන්ත ලැව්ගිනි හටගෙන තිබෙනවා.
ඒ අනුව ඉන්දුනීසියාවේ සුමාත්‍රා සහ කලිමන්තන්හි මිලියන සංඛ්‍යාත ජනතාවක් ගින්නෙන් ඇති වූ විෂ දුමාරයට නිරාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එමෙන්ම ඇති වූ ශ්වසන ආසාදන හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් රෝහල්ගත කර ඇති බව සඳහන්.
මෙම දුමාරය මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය ඇතුළු කලාපය පුරා ද පැතිර තිබේ.

