Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිව්දෙනෙකුගෙන් යුත් පවුලක මූලික ජීවන වියදම රුපියල් 70,716 දක්වා ඉහළට

පවුලක අවම ජීවන වියදම රුපියල් 70,716 දක්වා ඉහළට – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙරට සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට තම මූලික අවශ්‍යතාවලින් පමණක් ජීවත්වීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 70,716ක මුදලක් වැයවන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.

මේ වසරේ (2026) ජනවාරි මාසයේදී සිව්දෙනෙකුගෙන් යුත් පවුලක මූලික ජීවන වියදම රුපියල් 66,920ක් ලෙස පැවැති අතර, ජූලි මාසය අවසන් වනවිට එම වියදම සියයට 5.67කින් ඉහළ ගොස් ඇත.
දිස්ත්‍රික්ක අනුව ජීවන වියදමේ වෙනස්කම්:

වැඩිම ජීවන වියදමක් සහිත දිස්ත්‍රික්ක:

කොළඹ: රුපියල් 76,268 (දිවයිනේ ඉහළම)

ගම්පහ: රුපියල් 75,876 (දෙවැනි ස්ථානය)

නුවරඑළිය: රුපියල් 74,368 (තෙවැනි ස්ථානය)

අඩුම ජීවන වියදමක් සහිත දිස්ත්‍රික්කය:

මොණරාගල: රුපියල් 67,616

Exit mobile version