Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2027 ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට ඇරඹෙයි

2027 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත්කිරීම ගැන දැනුම්දීමක්

2027 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත්කිරීම ගැන දැනුම්දීමක්

2027 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, 2027 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන සිය ගිනිඅවි බලපත්‍ර අලුත්කිරීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි සියලුම පුද්ගලයින් සහ ආයතන 2026 දෙසැම්බර් 31වන දිනට ප්‍රථම සිය ගිනිඅවි බලපත්‍ර අලුත්කර ගැනීමට කටයුතු කළ යුතුය.

2026 දෙසැම්බර් 31 වන දිනට පෙර බලපත්‍ර අලුත් නොකරන සියලුම ගිනිඅවි හිමිකරුවන්ට එරෙහිව තුවක්කු ආඥාපනතේ 22 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර, 2026.09.01 දින සිට 2026.12.31 දක්වා කාලය තුළ ලියාපදිංචිය අලුත් නොකරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ.

එබැවින් එම අපහසුතාවයන්ගෙන් වැළකී සිටීම සඳහා නියමිත කාලසීමාවට පෙර අදාළ අලුත්කිරීම් සිදුකර ගන්නා ලෙස මහජනතාවගෙන් සහ අදාළ ආයතනවලින් ඉල්ලා සිටිනු ලබයි.

Exit mobile version