Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​අපරාධකරුවන් 236කට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදන

රට පැන්න අපරාධකරුවන් 236කට ජාත්‍යන්තර රතු නිවේදන

රට පැන්න අපරාධකරුවන් 236කට ජාත්‍යන්තර රතු නිවේදන

පාතාල සාමාජිකයන් ඇතුළු අපරාධකරුවන් 236 දෙනකුට ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර ඇතැයි ඇමැති ආනන්ද විජේපාල මහතා පවසයි.

ඒ අය අතරින් 110 දෙනකුට රතු නිවේදන නිකුත්කර ඇත්තේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පැමිණීමෙන් අනතුරුව බවද ඇමැතිවරයා පැවසීය.

රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන්ගෙන් 66 දෙනකු ‍මෙරටට ගෙන්වා ඇති බවද ඇමැතිවරයා පැවසීය. තවත් සැකකරුවන් 97 දෙනකු සම්බන්ධව විමර්ශන කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ඒ අතරින් 39 දෙනකු රැඳී සිටින රටවල් සහ ස්ථාන ගැන පැහැදිලි තොරතුරු ඇති බවත් එළඹෙන සතියේ ඒ අය අතරින් තවත් අයකු මෙරටට රැගෙන එන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ රූපවාහිනී මාධ්‍ය මඟින් පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Exit mobile version