Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුරේෂ් සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය ඔක්තෝම්බර් 7 වැනිදා: අභියාචනාධිකරණයෙන් නිවේදනයක්

සලේ ගැන අභියාචනාධිකරණයෙන් දුන් නිවේදනය

සලේ ගැන අභියාචනාධිකරණයෙන් දුන් නිවේදනය

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරනවාද නැද්ද ගැන නියෝගය ඔක්තෝම්බර් මස 7 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබේ.

එම අතරමැදි පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාදීකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පූජ්‍ය බෙන්ගම්බුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව දොළහක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Exit mobile version