Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මීලාද්-උන් නබි උත්සවයට සමගාමීව ගම්පහ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක්

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රු.මි 10ක රාජ්‍ය ප්‍රතිපාදන

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රු.මි 10ක රාජ්‍ය ප්‍රතිපාදන

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

42වෙනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන්ය.

ආගමික ස්ථාන ශක්තිමත් කරමින් සහජීවනයෙන් පිරි අනාගතයක් උදා කරගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මේ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත්තේ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි.

මේ අතර 42වෙනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව “Welcome to Our Mosque” සංහිඳියා වැඩසටහනක්ද සංවිධාන කර තිබේ.

ඒ අනුව මෙරට අන්‍ය ආගමික සියලුම සහෝදර සහෝදරියන්ට මුස්ලිම් දේවස්ථානයක අභ්‍යන්තර සංස්කෘතිය, ඉතිහාසය සහ ආගමික වතාවත් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් මහතා ඉල්ලා සිටියේ, අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය හා සුහදතාව වර්ධනය කරගනිමින් එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ සංහිඳියා පාලමක් ගොඩනැගීම සඳහා සියලු දෙනාට එක්වන ලෙසටය.

අගෝස්තු මස 24 වෙනිදා පෙරවරු 09.30 සිට පෙරියමුල්ල ජුම්මා මස්ජිදය සහ මීගමුව මුස්ලිම් පල්ලිය සැමට විවෘත බව එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.

Exit mobile version