Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාවුස්සාකැලේ ජලාශයට මත්ස්‍ය පැටවුන් 66,000ක්: ජලාශ්‍රිත ධීවරයින්ට සහ වතු ජනතාවට සහනයක්

මාවුස්සාකැලේ ජලාශයට මෙරිගල් මත්ස්‍ය පැටවුන් 66,000ක් මුදා හරියි

මාවුස්සාකැලේ ජලාශයට මෙරිගල් මත්ස්‍ය පැටවුන් 66,000ක් මුදා හරියි

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමේ අරමුණින් මාවුස්සාකැලේ ජලාශයට නුවරඑළිය දිස්ත්‍රික් ජාතික ජලජ ජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් මෙරිගල් මත්ස්‍ය පැටවුන් හැට හයදහසක් සිකුරාදා (21) දින පස්වරුවේ එම ජලාශයට මුදා හැර තිබේ.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රතිපාදන මත සහ මවුස්සාකැලේ ජලාශයේ ධීවර සමිතියේ ප්‍රවාහන වියදම් සහිතව උඩවලව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මෙරිගල් මත්ස්‍ය පැටවුන් හැට හයදහසක් මෙසේ ජලාශයට මුදා හැරි බවයි නුවරඑළිය දිස්ත්‍රික් ජල ජීවි වගා සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිළධාරියෙකු කියා සිටියේ.

ජලාශයට මුදා හැරි මත්ස්‍ය පැටවුන් මාස 9-10වැනි කාලයක් තුල කිලෝ 1-1 ½ අතර බරකින් වැඩෙන බවත්, එහි ඇස්වැන්න ජලාශයේ ධීවරයන් විසින් නෙලා ගන්නා බවයි එම නිළධාරියා කියා සිටියේ.

එසේ නෙලා ගන්නා මත්ස්‍ය අස්වැන්න වතුකරයේ ජනතාවට ඉතා අඩුමිලකට අලෙවි කරන බවත්, මිරිදිය මත්ස්‍යයින් ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක හෝටල් වලද දැඩි ඉල්ලුමක් පවතින බවත්, එමගින් ජලාශයේ ධිවරයන්ගේද ආර්ථික තත්ත්වය ඉහල යන බවයි එම නිළධාරියා වැඩිදුරටත් පවසා සිටියේය.

Exit mobile version