Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුපියල් ලක්ෂ 104ක උණ්ඩියල් මුදල්වලට කරුණු කියන්න බැරිවූ කොළඹ තරුණයා CID අත්අඩංගුවට

උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස උණ්ඩියල් ක්‍රමයට මුදල් ගනුදෙනු කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ වැටලීමක් සිදුකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (18) සවස මෙම වැටලීම සිදුකර ඇත්තේ වේල්ලවීදිය පොලිස් වසමේදීය.

එහිදී රුපියල් 10,467,000ක මුදලක් සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට නොහැකි වූ 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 1,000 නෝට්ටුවක්ද සොයාගෙන ඇති බව සඳහන් වේ.
සැකකරු කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version