බණ්ඩාරගම පොලිස් වසමේ වෙන්දේසිවත්ත, මස්විල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඊයේ (18) හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි.
සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 ග්‍රෑම් 672ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී තිබේ.
එහි වටිනාකම කෝටි දොළහක් වන අතර සැකකරු අවුරුදු 22ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු පානදුර ‘කුඩු සළිඳු’ගේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ දැනට ඩුබායි හි සැඟව සිටින ‘ඩුබායි රවිෂ්ක’ගේ මෙරට ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

