Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් සිදු වූ දේපොළ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් 2කු මරුට; 35ක් රෝහලට

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් 2කු මරුට; 35ක් රෝහලට

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් දේපොළවලට සිදු වූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය මස 05 වැනිදා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් දේපොළ රැසකට මෙන්ම රැඳවියන් ලියාපදිංචි කිරීමේ ලේඛන රැසකටද හානි සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.

රැඳවියන් 2,400ක් රඳවා තිබූ මීගමුව බන්ධනාගාරයේ දැනට රඳවා ඇත්තේ රැඳවියන් 600 දෙනෙක් පමණක් වන සංඛ්‍යාවක් වන බව සඳහන්.

මීගමුව බන්ධනාගාරයේ ඇතැම් රැඳවියන්ගේ අධිකරණ කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කරන බවත්, ඇතැම් රැඳවියන් භෞතිකවම අධිකරණ වෙත ඉදිරිපත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Exit mobile version