Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජකාරියට නොගැලපෙන ලෙස හැසිරුණු උප පොලිස් පරීක්ෂකවරයෙකු‍ගේ වැඩ තහනම්

පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක්

පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක්

රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට වතුපිටිවල අයෝජන කලාප, පොලිස් මුරපොලේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු‍ගේ වැඩතහනම් කර තිබේ.

පසුගිය 23 වනදා අදාළ උප පොලිස් පරීක්ෂකවරයා වතුපිටිවල රෝහල ආසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් මෙලෙස වැඩතහනමට ලක්කර ඇති බව පොලීසිය පවසයි.

පුද්ගලයෙකු විසින් ආයතනයක් ඉදිරිපිට යතුරුපැදියක් නතර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා ඔහුට තර්ජනාත්මකව බැණ වදින වීඩියෝ දර්ශණයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.

අදාළ නිලධාරියාගේ ක්‍රියා කලාපයෙන් ශ්‍රී ලංකා පොලීසිය සහ සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්වන බැවින් ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබේ.

නීතිය සහ විනය සුරැකීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් සිදුවන මෙවැනි අශෝභන හෝ අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන අතර මහජනතාවගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් යුක්ති ගරුකව පෙනී සිටින බව පොලීසිය පැවසුවේය.

Exit mobile version