Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෝලීය ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට: 2014න් පසු ඉහළම ස්ථානය 94 වන තැනට

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට

ගෝලීය ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ඉදිරියට පැමිණ තිබේ.

ලොව පුරා රටවල ගමන් බලපත්‍රවල ප්‍රබලතාව මැන බලන නවතම හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මේ වන විට 94 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙය 2014 වසරින් පසුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම වීම විශේෂත්වයක්.

පසුගිය 2021 වසරේදී ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය මෙම දර්ශකයේ 107 වන ස්ථානය දක්වා පහත වැටී තිබූ අතර, එතැන් සිට ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරමින් මෙලෙස 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

Exit mobile version