Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට අනුමැතිය

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට අනුමැතිය

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2026 වසරේ රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 49ත් 54ත් අතර ප්‍රමාණයකින් යුත් Standard මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇත.

2025–2026 මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ මගී ප්‍රවාහන බස් රථ සඳහා නව ආරක්ෂිත පිරිවිතර හඳුන්වා දී තිබේ.

ඒ අනුව, නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ යොදාගත යුතු බවට හඳුනාගෙන ඇති බැවින්, දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ Standard මාදිලියේ බස් රථ 600ක් වෙනුවට වඩාත් සුවපහසු Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට ඉදිරි පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

Exit mobile version