මුදල් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජනාධිපතිවරයා විසින් එන්.ආර් අනීස් මහත්මිය පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එමෙන්ම මුදල් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ජනාධිපතිවරයා විසින් ජේ.එම්.සී.ජේ විජේතුංග හා කේ.කරුණාහරන් යන මහත්ම මහත්මීන් පත්කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
මුදල් කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් කිරීම මත පුරප්පාඩුව පැවති ධුර වෙනුවෙන් එම පත්වීම් සිදුකළ බවද, ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ජුලි 20 දින භාරදෙන ලද බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

