Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට සරුංගල් යැවීමෙන් වළකින්න – ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට සරුංගල් යැවීමෙන් වළකින්න – ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට සරුංගල් යැවීමෙන් වළකින්න – ශ්‍රී ලංකා ගුවන් හමුදාව

පවතින සරුංගල් සමයත් සමග දිවයිනේ ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ ගොස් ඇති අතර, එමඟින් ගුවන් යානාවල ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධානතම හේතුවක් ලෙස ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම හඳුනාගෙන ඇති අතර, එය ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලට සෘජු බාධාවකි.

ශ්‍රී ලංකාවේ කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල යන ප්‍රදේශවල පිහිටි ගුවන් ධාවන පථ අවට මෙලෙස බහුලව සරුංගල් යැවීම මේ වන විට අධි අවදානම් තත්ත්වයක් මතු වි තිබේ.

මෙම අනතුරුදායක තත්ත්වය සනාථ කරමින් අද (15) දින රත්මලාන ගුවන් තොටුපළෙන් පුහුණු වීම් සඳහා ගුවන්ගත වූ Y-12 වර්ගයේ ගුවන් යානයක් සරුංගල් නූල් හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දි තිබේ.

පුහුණු වීම් වල නිරතව සිටි මෙම යානය, නැවත රත්මලාන ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා තිබුණා.

ඉන් අනතුරුව සිදුකළ කාර්මික පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ ගුවන් යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජින් ප්‍රදේශයේ සහ තවත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබූ බවයි.

ගුවන් යානයක එන්ජිමකට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයම දරුණු අනතුරකට ලක්වීමේ සෘජු අවදානමක් පවතියි.

මෙමඟින් විශාල ජීවිත හා දේපල හානියක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළයි.

එබැවින්, ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සහ මගී ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන්, ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ අවට පදිංචි මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ එවැනි කලාප තුළ සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසයි.

Exit mobile version