Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යාජ දඩගෙවීම් පණිවිඩ ගැන පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ දඩගෙවීම් පණිවිඩ ගැන පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ දඩගෙවීම් පණිවිඩ ගැන පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

රජයේ නිල GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතියට සමාන ව්‍යාජ වෙබ් අඩවි සහ ව්‍යාජ කෙටි පණිවිඩ භාවිත කර මහජනතාව මුලා කරමින් මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, මෑත දිනවල ශ්‍රී ලංකා පොලිසිය නමින් වේග සීමා උල්ලංඝනය කිරීම හෝ වෙනත් රථවාහන වැරදි සිදු කර ඇති බවට දන්වමින්, දඩ මුදල් ගෙවීමට යැයි පවසන ව්‍යාජ SMS පණිවිඩ මහජනතාව වෙත යොමු කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.

කෙසේ වෙතත්, රථවාහන වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලිසිය සිදු කරන්නේ වරද සිදුවූ ස්ථානයේදීම දඩ පත්‍රිකාව නිකුත් කිරීම හෝ අවශ්‍ය අවස්ථාවල නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් බව පොලිසිය අවධාරණය කරනවා.

ආවේක්ෂණ කැමරා මගින් රථවාහන වැරදි හඳුනාගත් අවස්ථාවලදී පවා බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා හෝ නොනිල වෙබ් සබැඳි ඔස්සේ දඩ මුදල් ගෙවීමට දැනුම් දෙන කෙටි පණිවිඩ කිසිදු අවස්ථාවක යොමු නොකරන බවද පොලිසිය පවසයි.

එබැවින්, සැක සහිත වෙබ් සබැඳි හෝ වෙබ් අඩවි ඔස්සේ ගෙවීම් සිදු නොකරන ලෙසත්, එවැනි වංචාවකට ගොදුරු වී ඇත්නම් වහාම ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version