Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට කැපී පෙනෙන විශාල පිම්මක්

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට කැපී පෙනෙන විශාල පිම්මක්

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට කැපී පෙනෙන විශාල පිම්මක්

ලෝක සාම දර්ශකයේ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව වේ.

ආර්ථික හා සාම පිළිබඳ ආයතනය මඟින් නිකුත් කළ 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කළ ‘ගෝලීය සාම දර්ශකයේ’ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 67වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඒ පෙර වසරේ පැවති 97වැනි ස්ථානයෙන් විශාල පිම්මක් සනිටුහන් කරමිනි.

එසේම දකුණු ආසියාතික කලාපය තුළ ඉහළම ප්‍රතිශතයකින් සාමකාමීත්වය වර්ධනය කරගත් රට බවටද ශ්‍රී ලංකාව පත්ව ඇති බව එහි සඳහන් වේ.

මෙම කැපී පෙනෙන වර්ධනයත් සමඟ දකුණු ආසියාවේ දෙවැනි වඩාත්ම සාමකාමී රට බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ.

ලෝක සාම දර්ශකයට අනුව දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය භූතානයට හිමිව ඇති අතර නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි සෙසු කලාපීය රටවලට වඩා ශ්‍රී ලංකාව බෙහෙවින් ඉදිරියෙන් සිටි.

2022 වසරේ ඇති වූ දැඩි ආර්ථික අර්බුදයෙන් පසු රට තුළ ඇති වූ ක්‍රමානුකූල ස්ථාවරත්වය සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීම මෙම ප්‍රගතියට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති බව එම වාර්තාව පෙන්වා දී ඇත.

මිලිටරිකරණය අවම වීම සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක අරමුදල් දායකත්ව දර්ශකයන්හි සිදුවූ වර්ධනයද ශ්‍රී ලංකාවේ මෙම ජයග්‍රහණයට දැඩි ලෙස බලපා ඇති බව එම නිල දත්ත මඟින් වැඩිදුරටත් දැක්වේ.

ඉන්දියාව කලාපයේ 5වන ස්ථානයේ පසුවන අතර, ඇෆ්ගනිස්ථානය අවසන් ස්ථානයට පත්ව තිබේ. රටවල් තුළ පවතින ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය සහ ගැටුම් අවම වීම වැනි කරුණු මත මෙම දර්ශකය සකස් කරනු ලබයි.

මුළු ලෝකයම දෙස බැලීමේදී ගෝලීය සාමකාමීත්වය 0.7% කින් පිරිහී ඇති අතර, අඛණ්ඩව සාමකාමීත්වය පිරිහුණු 12 වන වර්ෂය ලෙස 2026 වසර වාර්තාවට එකතු වේ.

මෙවර ලෝකයේ වඩාත්ම සාමකාමී රට ලෙස පළමු ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර, ලාංකිකයින් විශාල පිරිසක් ජීවත්වන නවසීලන්තය දෙවන ස්ථානයත්, ස්විට්සර්ලන්තය තෙවන ස්ථානයත් දිනාගෙන ඇත. රටවල් 163ක් අතරින් ලැයිස්තුවේ අවසන් ස්ථානය රුසියාවටත්, 162වන ස්ථානය සුඩානයටත් හිමිව තිබේ.

Exit mobile version