Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාතලේ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් – මුල්ගම්පොළ දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ

මාතලේ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් – මුල්ගම්පොළ දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ

මාතලේ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් – මුල්ගම්පොළ දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ

මාතලේ දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර සැතපුම් 02 දම්වැල් 52 ස්ථානයේ පිහිටි මුල්ගම්පොළ (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය ද්විත්ව මාර්ගයට සරිලන ආකාරයට අළුත්වැඩියා කටයුතු සිදු කිරීම නිසා තාවකාලිකව වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එබැවින් අළුත්වැඩියා කටයුතු සිදු කිරීමට අද (10) ප.ව. 06.00 සිට 2026 ජුලි 13 වැනි දින පෙ.ව. 04.00 දක්වා ගැටබේ – මහනුවර උඩ පාර හා විලියම් ගොපල්ලව පාර සම්බන්ධ කරන හරස් මාර්ගයේ මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනයට සම්පූර්ණ වශයෙන් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කාල සීමාවන් තුළ ඇති විය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මාධ්‍ය මගින් මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් දැනුම් දීමක්ද කෙරේ.

Exit mobile version