Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කන්ද උඩරට පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීම වෙනුවෙන් මෙට්‍රෝ බස් රථ සේවාවක්

නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ් විකිණීම තහනම් - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ් විකිණීම තහනම් - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් යෙදීම සහ පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීම වෙනුවෙන් එහි මෙට්‍රෝ බස් රථ සේවාවක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කරයි.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දැනට සිදුකෙරෙන ව්‍යාප්ති කටයුතු ගලගෙදර දක්වා දීර්ඝ කෙරෙන අතර, එම මාර්ගය ඉදිරියේදී ගන්නෝරුව දක්වා සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබේ. මේ යටතේ ගලගෙදර සිට කටුගස්තොට දක්වා ඇති පාලම පුළුල් කිරීමට සහ පේරාදෙණිය පාලම අසල ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමට මේ වන විට කටයුතු යොදමින් පවතින බව අමාත්‍යවරයා කියා සිටියේය.

මීට අමතරව පැරණි පේරාදෙණිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂා කරන අතර, ඉන් අනතුරුව එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version