චීනයේ උත්තරීතර විද්‍යා හා තාක්ෂණ සම්මාන ප්‍රදානෝත්සවය චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ඊයේ (08) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී. චීන විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ඇගයීමේ සම්මේලනය, චීන විද්‍යා ඇකඩමියේ හා චීන ඉංජිනේරු ඇකඩමියේ විද්වතුන්ගේ සම්මේලනය සහ චීන විද්‍යා හා තාක්ෂණ සංගමයේ 11වන ජාතික නියෝජිත සම්මේලනයේ දී හෙතෙම සම්මානලාභීන් වෙත සම්මාන ප්‍රදානය කරමින් වැදගත් දේශනයක්ද සිදු කර තිබේ.
15වන පස්අවුරුදු සැලසුම් කාලය, විද්‍යා තාක්ෂණයෙන් රට බලගැන්වීමේ වැදගත් අදියරක් බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නා. ඓතිහාසික අවස්ථා ප්‍රයෝජනයට ගෙන නව යුගයේ අභියෝගවලට මුහුණ දෙමින් උසස් මට්ටමේ විද්‍යා තාක්ෂණික ස්වාධීනත්වය ළඟා කර ගැනීම කඩිනම් කළ යුතු බවටද ඔහු උපදෙස් දී තිබෙනවා.
වසර 2035 වන විට විද්‍යා තාක්ෂණික අංශයෙන් බලවත් රටක් ගොඩනැගීම පිළිබඳ ඉලක්කය කරා ස්ථිරව ගමන් කරමින් විද්‍යා තාක්ෂණික නවෝත්පාදනයෙන් චීනයට ආවේණික නවීකරණය ප්‍රායෝගිකව ඉදිරියට ගෙන යා යුතු බවද ඔහු අවධාරණය කළා.
මෙම උත්සවයේදී ෂී ජින්පිං මහතා, උත්තරීතර විද්‍යා හා තාක්ෂණ සම්මානයට හිමිකම් කියූ චීන විද්‍යා ඇකඩමියේ භෞතික පර්යේෂණ ආයතනයේ විද්වතෙකු වන Chen Liquan මහතා සහ චීන ඉලෙක්ට්‍රොනික් විද්‍යා තාක්ෂණ කණ්ඩායමේ 14වන පර්යේෂණ ආයතනයේ විද්වතෙකු වන Ben De මහතා වෙත සම්මාන පදක්කම් හා සහතික පත්‍ර පිරිනමා ඔවුන්ට සුබ පැතීම විශේෂත්වයක්.

