Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බන්ධනාගාරයේ ගැටුම ගැන CID සහ කොළඹ අපරාධ කොට්ඨාශයෙන් විමර්ශන

බන්ධනාගාරයේ ගැටුම ගැන CID සහ කොළඹ අපරාධ කොට්ඨාශයෙන් විමර්ශන

බන්ධනාගාරයේ ගැටුම ගැන CID සහ කොළඹ අපරාධ කොට්ඨාශයෙන් විමර්ශන

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාශය එක්ව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

මීගමුව බන්ධනාගාරයේ හටගත් දරුණු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබේ.

බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රැඳවියන් 700කට ආසන්න පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙන බව සඳහන්.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට බන්ධනාගාර වෙත මෙම රැඳවියන් කඩිනමින් මාරු කළ බවයි.

පසුගිය ඉරිදා (05) ඇති වූ ගැටුමෙන් පසු තත්ත්වය පාලනය කළද, ඊයේ (06) උදෑසන යළිත් බන්ධනාගාරය තුළ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණා.

රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියන් පිරිසක් සහ දඬුවම් විඳින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වන්නේ.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ, බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය නිලධාරීන් අතර බන්ධනාගාර ජේලර්වරයෙකු, ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙකු සහ නියාමකවරුන් පිරිසක් ද සිටින බව සඳහන්.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, බරපතළ තත්ත්වයේ පසුවන 18 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

Exit mobile version