Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විද්‍යානුකූලව හිරු එළියෙන් සෞඛ්‍යාරක්ෂිත මාළු විජලනය කිරීමේ ගෘහයන් ඉදිකිරීමට නියමු ව්‍යාපෘතියක්

ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මිරිදිය හා කරදිය මත්ස්‍ය කර්මාන්තය සදහා උසස් තාක්ෂණය එකතු කිරීමෙන් සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් පාරිභෝගිකයන් අතට පත් කිරීමේ අරමුණ ඇතිව විද්‍යානුකූලව මාළු විජලනය කිරීමේ ගෘහයන් ඉදි කිරීමේ නියමු ව්‍යාපෘතියක් විද්‍යා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ දී පැවැත්විණි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා අංශයේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මේ අනුව වත්තල හා මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍රිතව ධිවර සමිති 3ක් තෝරා ගෙන නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

කාර්මික තාක්ෂණ ආයතනය, නාරා ආයතනය, ජන තාක්ෂණ ආයතනය සහ නර්ඩ් ආයතනය ඇතුළු ආයතන ගණනාවක් මෙම ව්‍යාපෘතියට සම්පත් දායකත්වය ලබා දීමට නියමිතය. මීට අමතරව කරදිය හා මිරිදිය මත්ස්‍ය සම්පත ආශ්‍රිතව ඉවත ලන අපද්‍රව්‍ය සඳහා වටිනාකම් එකතු කිරීමට දියුණු කරන ලද තාක්ෂණයන් පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සහ ව්‍යවසායනයන් දිරිමත් කිරීමේ වැඩසටහනක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Exit mobile version