Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසු අමාත්‍යවරයා, බන්ධනාගාරය තුළ තිබූ CCTV පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්‍රයද රැඳවියන් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර ඇතැයි පැවසීය.

බන්ධනාගාරයේ කටයුතු අඬාල කිරීම මොවුන්ගේ මුලික අරමුණ වී තිබී ඇතැයිද පැවසු අධිකරණය අමාත්‍යවරයා, ගැටුමට මුලික වූ රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට සහ වැලිකඩට යොමුකිරීමට පියවර ගත් බවද කියා සිටියේය.

මේ වනවිට තත්ත්වය යම්තාක් දුරකට පාලනය කිරීමට කටයුතු කර ඇති බවත් මෙම සිදුවීමෙන් ආණ්ඩුව දැඩි කම්පනයට පත්ව ඇති බවද පැවසු අමාත්‍යවරයා, මෙය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් මිස බන්ධනාගාර නිලධාරීන් සමඟ ඇති වූ ප්‍රශ්නයක් නොවන බවද පැවසීය.

ඊයේ (05) මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසුව එම තත්ත්වය පාලනය කර තිබුණද පසුව අද(06) උදෑසන වනවිට එහි යළි නොසන්සුන් තත්ත්වය ඇති විය.

රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

Exit mobile version