Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග විනිසුරුවන් නම්කරයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග විනිසුරුවන් නම්කරයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග විනිසුරුවන් නම්කරයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා තරග විනිසුරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර තරගාවලියේ තරග විනිසුරු මණ්ඩලය සඳහා ජාත්‍යන්තර අත්දැකීම් සහිත නිලධාරීන් රැසක් ඇතුළත් වන අතර, ICC ප්‍රමුඛ පෙළේ තරග තීරක රංජන් මඩුගල්ලේ සහ ICC ප්‍රමුඛ පෙළේ විනිසුරු කුමාර් ධර්මසේන ප්‍රධාන වේ.

තරග තීරක මණ්ඩලය සඳහා රංජන් මඩුගල්ලේ, ග්‍රේම් ලැබ්‍රෝයි, වෙන්ඩල් ලැබ්‍රෝයි ඇතුළු නිලධාරීන් එක්ව සිටින අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නැගී එන තරග තීරක මණ්ඩලයේ ඇතුළත් කර ඇත.

විනිසුරු මණ්ඩලයට කුමාර් ධර්මසේන සමඟ වේන් නයිට්ස්, අසීෆ් යාකූබ්, රවීන්ද්‍ර විමලසිරි ඇතුළු ජාත්‍යන්තර සහ දේශීය මට්ටමේ විනිසුරුවන් රැසක් ඇතුළත් වේ.

2026 LPL තරගාවලිය ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමට නියමිතය.

තරග තීරකවරු

රන්ජන් මඩුගල්ලේ
ග්‍රේම් ලැබ්රෝයි
වෙන්ඩෙල් ලැබ්රෝයි
මනෝජ් මෙන්ඩිස්
ප්‍රදීප් ජෙයප්‍රගාෂ්

විනිසුරු මඩුල්ල

කුමාර ධර්මසේන
වේන් නයිට්ස්
Asif Yaqoob
රවීන්ද්‍ර විමලසිරි
ප්‍රගීත් රඹුක්වැල්ල
රවීන්ද්‍ර කොට්ටහච්චි
චාමර ද සොයිසා
අසංක නානායක්කාර
චන්ද්‍රිකා අමරසිංහ
හේමන්ත බොතේජු
ශාන්ත ෆොන්සේකා
පී.ආර්.එල්. දුල්සිරි

Exit mobile version