Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සලේගේ නඩුවෙන් ශානිව අයින් කරන්නේ නැහැ – අධිකරණය

සලේගේ නඩුවෙන් ශානිව අයින් කරන්නේ නැහැ – අධිකරණය

සලේගේ නඩුවෙන් ශානිව අයින් කරන්නේ නැහැ – අධිකරණය

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේට එරෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාගෙන් ඉවත් කළ නොහැකි බව අධිකරණය දැනුම් දී තිබේ.

සුරේෂ් සලේ මහතාට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (01) දිනයේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණි.

පිටු 23 කින් සමන්විත නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එහිදී නියෝග කළේ, සුරේෂ් සලේට ලිවීම සඳහා උපකරණ හා නිර්වින්දන ද්‍රව්‍ය ලබා දෙන්නැයි කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළ බවයි.

එමෙන්ම සුරේෂ් සලේ රහස් ප්‍රකාශයක් සඳහා කළ ඉල්ලීමද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සිද්ධියට අදාළ පළමු සහ දෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් සාක්ෂි නොමැති බව පවසමින් කරන ලද ඉල්ලීමද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

තෙවැනි සැකකරුගේ නීතිඥවරයා සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට කරන ලද ඉල්ලීමට අදාළ නියෝගයද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා.

තවද සුරේෂ් සලේ මහතාට ඔහුගේ දුකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්ථමේන්තුව වෙත ලබා දෙන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

Exit mobile version