Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමෙරිකාව කැපවුනොත් අපිත් කැපවෙන්නම් – ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන්

අමෙරිකාව කැපවුනොත් අපිත් කැපවෙන්නම් - ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන්

අමෙරිකාව කැපවුනොත් අපිත් කැපවෙන්නම් - ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන්

පකිස්ථානයේ මැදිහත් වීමෙන් මෑතකදී ඇති කරගත් අවබෝධතා ගිවිසුමට (MoU) ඇමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම කැපවී සිටින්නේ නම්, ඉරානයද සිය බැඳීම් සම්පූර්ණයෙන්ම ඉටු කරන බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) අවධාරණය කරයි.

අද (30) අඟහරුවාදා දින X සමාජ මාධ්‍ය ජාලයෙහි තැබූ සටහනක, ජනාධිපතිවරයා මෙම අන්‍යෝන්‍ය අවබෝධය දෙපාර්ශවයටම පොදු ක්‍රියාවලියක් ලෙස විස්තර කළේය. ඇමෙරිකාව අවබෝධතා ගිවිසුමට අනුකූලව කටයුතු කරන්නේ නම් ඉරානයද ඊට ප්‍රතිචාර වශයෙන් එලෙසම කටයුතු කරන බව ඔහු සඳහන් කරයි.

“පදනම් විරහිත තර්ජන සහ අසාධාරණ වාචාල ප්‍රකාශයන්ට තීරණාත්මක ලෙස ප්‍රතිචාර දක්වන අතරම, ඉරානය තම තීරණ තාර්කිකත්වය සහ මානව ගෞරවයට ගරු කිරීම මත පදනම්ව දිගටම ක්‍රියාත්මක කරනවා”යි ඔහු පැවසුවේය.

ගැටුම් අවම කර ගැනීමට සහ වඩාත් පුළුල් ගිවිසුමක් සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට අදාළ රාමුවක් සකස් කරමින්, ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය පකිස්ථානයේ මැදිහත් වීමෙන් ඇති කරගත් ‘ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම (Islamabad MoU)’ පසුගිය ජූනි 18 වැනිදා අත්සන් තැබීය.

කරුණු 14 කින් සමන්විත මෙම අන්තර්කාලීන ගිවිසුම යටතේ, දෙපාර්ශවයම සටන් නැවැත්වීමට සහ දින 60ක් ඇතුළත විසඳීමට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට කැපවී සිටියි.

Exit mobile version