Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 30ක් සමඟ‍ තරුණයෙක් අත්අඩංගුවට

පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 30ක් සමඟ‍ තරුණයෙක් අත්අඩංගුවට

පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 30ක් සමඟ‍ තරුණයෙක් අත්අඩංගුවට

මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 30ක් සමඟ පුද්ගලයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.

29 හැවිරිදි වියෙහි පසුවන මෙම සැකකරු වස්කඩුව ප්‍රදේශයේදී එම ඒකකය භාරයට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී අලෙවිය සඳහා සූදානම් කර තිබූ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8කට අධික ප්‍රමාණයක් හා ඒවා අලෙවියෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 98,000ක මුදලක්ද පොලීසිය සොයාගෙන ඇති බව සඳහන්ය.

ඔහු සතුව තිබී සොයාගත් පිස්තෝලය වෙන අයෙකුගේ නමින් ලියාපදිංචි කර ඇති බව පොලීසිය පැවසීය.

එම ගිනිඅවිය අපරාධ සඳහා යොදාගෙන ඇද්ද යන්න පිළිබඳවද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.

Exit mobile version