Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් සැකකරු විසින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති බවට කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි වියෙහි පසුවන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු විසින් මීට පෙරද මෙවැනි ආකාරයේ මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version